ඉන්ධන මිල අඩු වැඩිවීම රජයට කොහොම බලපෑවත් ජනතාවට සහන දෙන්න කටයුතු කරන්න කියලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළ දෙමව්පියන්ට උපහාර පිණිස එම දෙමව්පියන් සදහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් මාතර ප්‍රදේශයේ ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියාසිටියා.
උත්සවය පැවැත්වුණේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.
මිහිදු නිවහන යනුවෙන් ව්‍යාපෘතිය නම්කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ මෙවැනි නිවාස 63 ක් ඉදිකිරීම සදහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදුවුණා.
The post දරුවන් ශාසනයට පූජා කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් appeared first on ITN News.
Post a Comment