Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ 145 දෙනෙකු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනා ගැනේ  

Add comments

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේ දී ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 145 දෙනෙකු හමුවී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක් ඩෙල්ට්‍රා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිටත් වසාදමා තිබෙනවා. රට තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. සිඩ්නි නගරයේ මිලියන 5 ක පමණ ජනතාවට මාසයක කාලයක් නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. වසා දැමීමේ නීතිවලට විරෝධය පළකරමින් ඊයේ දිනයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක විරෝධතා ද පැවැත්වුණා. මේ වනවිට එරටින් වයිරස ආසාදිතයින් තිස්තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 918ක්.

 

 

 

 

The post ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ 145 දෙනෙකු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG