කොරෝනා වෛරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ රටක් ලෙස සැළකෙන වියට්නාමය මේ වන විට එරට දරුණුතම ආසාදන රැල්ලට මුහුණ දී සිටිනවා.
පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් දින 15 ක කාලයක් වියට්නාමයේ හැනෝයි අගනුවර වසා දැමීමටයි වියට්නාම රජය තීරණය කර තිබෙන්නේ. එමෙන්ම එරට හෝ – චි – මින්ග් නගරයට දැඩි සීමා පැනවීමට ද කටයුතු කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය කාරණයකට හැර කිසිවෙකුටත් නිවසින් බැහැර වීම තහනම් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. සිව්වන කොරෝනා රැල්ලට මුහුණ දී සිටින වියට්නාමයෙන් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,000 ඉක්මවා තිබෙනවා.
The post වියට්නාමයේ හැනෝයි අගනුවර දින 15කට වසා දමයි appeared first on ITN News.
Post a Comment