අයහපත් කාලගුණික තත්ත්වය තුර්කියේ නගර රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා.
අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාවත් සමග ගංගා පිටාර යාමෙන් ගං ඉවුරු කැඩී නගර කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. කළු මුහුද ආශ්‍රිත අර්හාවි පළාතට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
විපතට පත් ප්‍රදේශවල දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම ක්‍රියාත්මක වනවා.
මේ වන විට පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 20 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බවයි වාර්තා වන්නේ.
The post අයහපත් කාලගුණික තත්ත්වයෙන් තුර්කියේ නගර රැසකට බලපෑම් appeared first on ITN News.
Post a Comment