Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එන්නත්කරණ වැඩසටහන් අද දිනත් සාර්ථකව ක්‍රියාත්මකයි  

Add comments

කොරෝනා එන්නත්කරණ වැඩසටහන ද සාර්ථකව ක්‍රියාත්මක වනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම සඳහා බස්නාහිර පළාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් අද දිනත් (ජූලි 24) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි යුද්ධ හමුදා ප්‍රජා එන්නතකරණ මධ්‍යස්ථානයේදී බස්නාහිර පළාත තුළ පදිංචි වසය අවුරුදු 30 වැඩි පුද්ගලයින්ට එන්නතකරණ වැඩසටහන අද ක්‍රියාත්මක කර තිබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ විශේෂ උපදෙස් ප්‍රකාරව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් එන්නතකරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

 

 

 

The post එන්නත්කරණ වැඩසටහන් අද දිනත් සාර්ථකව ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG