Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,665ක් – වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,665 දෙනෙකු හඳුනා ගනෙ තිබෙනවා.

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 1,665 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 293 ක්. කොළඹින් 273 ක්ල,  ගම්පහින් 268 ක්,  යාපනයෙන් 149 ක් සහ බදුල්ලෙන් 132 නෙකු වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 298,181 ක්. 25,075 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 269,007 ක්.

කොරෝනා ආසාදනය වී සිටි 48 දෙනෙකු මියගිය බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනයේ තහවුරු කළා. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව ද 4,147 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 10,145 ක් සිදුකළ අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,454 ක් සිදුකළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,665ක් – වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG