ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1721 දෙනෙකු හමුවුණා.
මේ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 සීමාවට ළගා වෙමිනුයි තියෙන්නේ.
ආසාදිතයින් 1721 දෙනෙකු ඊයේ හමුවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ එක් දහස් දෙසිය අනූ අටක් වනවා. මේ අතුරින් දෙලක්ෂ හැට හතර දහස් හත්සිය පනස් පස් දෙනෙකු සුවය ලැබුවා. ආසාදිතයන් 22,646 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 347 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 218 දෙනෙකු ද, කළුතරින් 209 දෙනෙකු ද සොයා ගැණුනා. එමෙන්ම රත්නපුරයෙන් 139 දෙනෙකු, ගාල්ලෙන් 116 දෙනෙකු හා අම්පාර දිස්ත්‍රික්කයෙන් 109 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොරෝනා මරණ 3959 ක් සිදුව තිබෙනවා. ඊයේ දිනයේ වාර්තා කර ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා තහවුරු කළ කොරෝනා මරණ 42 ක් පිළිබද නිවේදනය කරනවා. මෙසේ මිය ගිය අය අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 17 දෙනෙකු කාන්තාවන්.
මිය ගිය අය අතුරින් 35 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි කාණ්ඩයට ඇතුළත්.
කොරෝනා එන්නත්කරණ වැඩසටහන ද තවදුරටත් සාර්ථකව සිදුවනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ විසි පන්දහස් දෙසිය හතළිස් දෙදෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව හතළිස් අට ලක්ෂ හැත්තෑ නව දහස් දෙසිය දහ තුන් දෙනෙකුට ද ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ පනස් නව දහස් අසූ එක් දෙනෙකුට ලබා දී අවසන්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් දෙනෙකුට ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව හාරලක්ෂ හැට හය දහස් දෙසිය හතළිස් හත් දෙනෙකුට ද ලබා දී අවසන්.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,721ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment