Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙහෙකාර දැරියගේ මරණය ගැන රිෂාඩ්ගේ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න කරයි  

Add comments

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාල වයස්කාර දැරියක් පිළිස්සී මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණවලට උපදෙස් දෙන්න නීතිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් පත් කළා. මේ වෙනකොට මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු තිදෙනෙකුගෙන් බොරැල්ල පොලිසිය ප්‍රශ්න කරමින් ඉන්නවා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී දැරියක මියයාම සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. බදියුදීන් මහතාගේ නිවසේ සිටි පුද්ගලයන්ගෙන් මෙන්ම දැරියගේ දෙමව්පියන්, පාසල් විදුහල්පතිවරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මීට පෙර ඒ මහතාගේ නිවසේ සේවය කළ මෙහෙකාරියන් දෙදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා. මෙම පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලබාදීම සදහායි නීතිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇත්තේ. නීතිපති සංජය රාජරත්නම් මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කැදවා සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවර ගත්තා. දැනට සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය පිළිබද මෙහිදී නිතිපතිවරයා දැනුවත් කළ බවයි වාර්තා වන්නේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නෛතික කටයුතු සහ අවශ්‍ය උපදෙස් ලබාදීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පත් කර තිබෙන බවද වාර්තා වනවා.

The post මෙහෙකාර දැරියගේ මරණය ගැන රිෂාඩ්ගේ බිරිඳගෙන් පොලිසිය ප්‍රශ්න කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG