Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති  

Add comments

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් (Michael Edward Appleton) සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස අන්ද්‍රෙස් මාර්සෙලෝ ගරීඩෝ (Andres Marcelo Garrido) මහත්වරු පත්ව සිටිති.

ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය කෙරිණ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කෙරෙමින් අභිනවයෙන් මෙරට ස්ථාපිත කෙරෙන නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ, පළමු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බව මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී කියුබාව මෙරටට ලබාදෙන සහාය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්විය. ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව ඔවුහු ජනාධිපතිතුමා සමග පැවසූහ.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිතුමා නව තානාපතිවරුන් දැනුවත් කළේය. දේශගුණික විපර්යාසයන්ට සියලු රටවල් එක්ව මුහුණ දීමේ අවශ්‍යතාවත්, කාර්ය සාධක බලකායක් පිහිටුවමින් විධිමත් සැලැස්මක් යටතේ රටක් ලෙස ඒ වෙනුවෙන් ගෙන ඇති සැලසුම් ජනාධිපතිතුමා පැහැදිලි කරනු ලැබීය. කාබනික පොහොර භාවිතයට යොමු වීම, 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර, ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මානුෂීය මෙහෙයුමෙන් පසු උතුරු – නැගෙනහිර ප්‍රදේශවල සිදුකර ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ එම ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අවබෝධ කරගත හැකි බව ජනාධිපතිතුමා තානාපතිවරුන්ට පෙන්වා දෙනු ලැබීය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරී තුෂාර රොද්‍රිගෝ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG