Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දරුවන්ට OFFLINE වුණු ගුරුවරු ඉල්ලීම් ඉල්ලමින් කොටුවේදී ON LINE වුණු හැටි (VIDEO)  

Add comments

ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී අදට දින 11 ක් ගත වනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා ආදියද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාද ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.

මෙවැනි තත්ත්වයක් යටතේ ගුරු සංගම් කිහිපයක නියෝජිතයන්ගේ මූලිකත්වයෙන් විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කෙරුණා. එම පිරිස එතැන් සිට ජනාධිපති ලේකම් කාර්යාල වෙත පැමිණියා.  එහිදී දැඩි රථවාහන තදබදයක් ද පැවතුනා. කෙසේ වුවද වෙනදා තරම් පොලිස් නිලධාරීන් හෝ පොලිස් මාර්ග බාධක මෙම විරෝධතාවයේදී දැකගත නොහැකි වුණා.

සේවා ලබා ගැනීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ඇතැමුන් ආපසු හරවා යැවීමටද විරෝධතාකරුවන් ක්‍රියා කළා. එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. ජනාධිපති කාර්යාලයට ඇතුළු වී නියෝජිතයන් කිහිප දෙනෙකුට සාකච්ඡා කිරීමේ අවස්ථාවද උදා වුණා.

විරෝධතාවයේ නිරත ගුරු සංගම් ඉටු කරන්නේ දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීම බව පොදුජන අධ්‍යාපන සේවකයින්ගේ සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවසනවා.

The post දරුවන්ට OFFLINE වුණු ගුරුවරු ඉල්ලීම් ඉල්ලමින් කොටුවේදී ON LINE වුණු හැටි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG