Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවු පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි  

Add comments

ගතවු පැය 24ට වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඊයේ දිනයේදී එරටින් කොරෝනා මරණ 891 ක් වාර්තා වී ඇති අතර හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 40427ක්. එරට රෝහල් තුළ  ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති කම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ වන විට ලොව පුරා රටවල් 220කින් වයිරස් ආසාදිතයින් දහ අට කෝටි අසූලක්ෂ පනස් එක්දහස් හත්සිය තිස් නව දෙනෙකු හමුවී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් ලක්ෂ පනස් පන් දහස් පන්සිය පනස් එකක්.

 

 

The post ගතවු පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG