හිගුරක්ගොඩ රජයේ බීජ ගොවිපොළට අයත් රක්ෂිත කලාපයක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.
මෙම රක්ෂිත කලාපයට ඊයේ රාත්‍රියේ නීති විරෝධි ලෙස ඇතුල් වී නිධන් හාරමින් සිටියදී පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ගල් විදින යන්ත්‍රයක්, නයිට්‍රික් ඇසිඩ් හෑරුම් උපකරණ, යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමට හැකි වුණා. සැකකරුවන් හතර දෙනෙක් හිගුරක්ගොඩ ප්‍ර දේශයේම පදිංචිකරුවන් බවයි විමර්ශන වලදී හෙළි වුණේ. අනෙක් සැකකරු අනුරාධපුර ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වනවා.
The post නිධන් හාරමින් සිටි 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment