ගතවූ පැය 24 තුළදී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ඉන්දුනීසියාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඉන්දුනීසියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් ඊයේ දිනයේදී 38,679 දෙනෙකු හමුවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 1,266 ක්. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඉන්පසු වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙන්.
මේ වනවිට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දහනවකෝටි හතලිස් අට ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,175,129ක්.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment