මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදු කිරීම, වැලි ගොඩ දැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණු පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කර තිබෙනවා. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රයයි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ.
පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙසයි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පති වරයා, වත්තල හා ජා ඇල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
කාදිනල් හිමිපාණන් ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ සිදු වන නීති විරෝධී ඉදිකිරීම්, වැලි ගොඩදැමීම් ,ඉඩම් කට්ටි කිරීම වැනි නීති විරෝධී ක්‍රියා නිසා එහි ජෛව පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බවයි. එබැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වගඋත්තර කරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය යළි මිණුම් ගත කර ඒ සඳහා නව මායිම් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.
The post මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම 26 වන දා appeared first on ITN News.
Post a Comment