Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර යොදා තේ වගා කරන විශේෂඥ වෛද්‍යවරයා  

Add comments

කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථක ලෙස තේ වගාවක නිරත වන විශේෂඥ වෛද්‍යවරයෙකු පිළිබද ප්‍රවෘත්තියක් අපට වාර්තා වුණා.

ඉත්තෑපාන හල්වල ප්‍ර දේශයේ කාබනික පොහොර භාවිත කරමින් සාර්ථක ලෙස තේ වගාවක් සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය හසන්ත රනිල් තඹවිට මහතා සමත්වී තිබෙනවා. ඒ ඉත්තෑපාන ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ ද උපදෙස් ලබා ගනිමින්. තේ වගාවට අමතරව ගම්මිරිස් සහ කහ වගාවද සාර්ථක ලෙස සිදු කිරීමට විශේෂඥ වෛද්‍යවරයාට හැකි වුණා.කාබනික පොහොර ප්‍රචලිත කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ඇති තීරණය අගය කරන විශේෂඥ වෛද්‍ය හසන්ත රනිල් තඹවිට මහතා කාබනික‌ පොහොර භාවිතයෙන් බෝ නොවන රෝග රැසක් වලක්වා ගත හැකි බවද පෙන්වා දුන්නා.

ඉදිරි මහ කන්නය සදහා අතිරික්ත කොම්පෝස්ට් පොහොර තොග තමන් සන්තකයේ තබා ගැනීම ගොවීන්ට වාසි දායක වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. බහු ජාතික සමාගම් ඔස්සේ කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට හෝ අලෙවි කිරීමට සූදානමක් නොමැති බවයි ඒ මහතා සදහන් කළේ. ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදියි දිස්ත්‍රික් ලේකම්වරයා මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කළා.

The post කාබනික පොහොර යොදා තේ වගා කරන විශේෂඥ වෛද්‍යවරයා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG