Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි සිව් වසර තුළ මහනුවර පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා  

Add comments

ඉදිරි සිව් වසර තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට හැකි බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සැමට ජලය ලබාදීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ යටතේ ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ දැනටමත් ගෙන ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

රුපියල් මිලියන හයක වියදමින් මහනුවර කුණ්ඩසාලේ මුඩුවේ මුදුන ගම්මානය සදහා යෝජිත ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා. නව ව්‍යාපෘතියෙන් පවුල් 75 කට පමණ පලමු අදියර යටතේ පානීය ජලය හිමි වනවා. මහනුවර දිස්ත්‍රික්ක‌යේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිලිවෙළ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කළා.

 

The post ඉදිරි සිව් වසර තුළ මහනුවර පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG