ඉන්දියාවේ අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයින් තිස්හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබලා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රී කාලයේ ඇති වූ අකුණු සැර හේතුවෙනුයි මෙම පිරිස මියගොස් ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන් හා කාන්තාවන්ද ඇතුළත්. අකුණු සැර ඇතිවන අවස්ථාවේ සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි පිරිසක්ද මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ජාල සඳහන් කරනවා. මියගිය පුද්ගලයින් උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ අතිදුෂ්කර ගම්මානවල ජීවත් වූ අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ ආකාරයෙන් පසුගිය සෙනසුරාදා ද අකුණුසැර වැදීම හේතුවෙන් උත්තර්ප්‍රදේශ් හා රාජස්ථාන් යන ප්‍රාන්තවල පුද්ගලයින් විසිදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
The post අකුණු සැර වැදීම හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment