Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුස්වැලි ඔයේ ගසාගෙන ගිය 4 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන්  

Add comments

හංවැල්ල ප්‍රදේශයේදී පුස්වැලි ඔයේ ගසාගෙන ගිය පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන් වී තිබෙනවා.

පිලියන්දල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු ඇතුලු පස් දෙනෙකු රඹුටන් රැගෙන යාම සදහා හංවැල්ල ජයවීරගොඩ ප්‍ර දේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ තිබෙනවා. ඔවුන් ආපසු පැමිණිමේ දී ඇද හැලුණු අධික වර්ෂාව නිසා මාර්ගය නොපෙනී යාමෙන් ජයවීරගොඩ බරාව ප්‍රදේශයේ දී පුස්වැලි ඔයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

තිදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට අසල්වැසියන් සමත් වී ඇති අතර අනෙක් පුද්ගලයා තවමත් අතුරුදන් බවයි වාර්තා වන්නේ. අතුරුදන්ව ඇත්තේ තිස් දෙහැවිරිදි විවාහක පුද්ගලයෙක්. හංවැල්ල පොලිසිය සහ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සිරුර සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

 

 

The post පුස්වැලි ඔයේ ගසාගෙන ගිය 4 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG