Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ  

Add comments

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1507 දෙනෙකු හඳුනා ගැණුනා. ඒ අතුරින් පුද්ගලයින් 15දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි අයයි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 239ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 211 දෙනෙකු , කොළඹින් 142නෙකු සහ කළුතරින් 128 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 122නෙකු වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.  ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 274,538ක්. පුද්ගලයින් 26,634 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 244,437ක්.

මේ අතර ඊයේ දිනයේ දී PCR පරීක්ෂණ 13777 ක් සිදු කර තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3295 ක් ඊයේ දිනයේ දී සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

 

 

The post ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG