වසංගත තත්ත්වය පැවතියද රටේ සංවර්ධන කටයුතු අඩපණ කිරීමට රජය සූදානම් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
හංවැල්ල නගරයේ නව බස් නැවතුම්පොල ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. රුපියල් ලක්ෂ හත්සිය අනූ හයක වියදමින් නව බස් නැවතුම්පොල ඉදි කෙරෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග ්‍ය යේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය අනුව නගර සියයක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වයාපෘතිය ද ක්‍රියාත්මක කෙරෙනවා. බස් රථ දොලහක් ගාල් කිරීමට පහසුකම් ඇති පරිදි බස් නැවතුම් පොල ඉදි කර ඇති අතර රියදුරු විවේකාගාර,පොලිස් මුරපොල හා වැසිකිලි පද්ධතියක් ඊට ඇතුළත්. මාස 07 ක කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට නියමිත බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවා. රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාද මෙහිදී අදහස් පල කළා.
The post වසංගතය හමුවේ සංවර්ධන කටයුතු අඩපණ කිරීමට රජය සූදානම් නැහැ appeared first on ITN News.
Post a Comment