Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කරන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් නිලධාරීන්ට උපදෙස්  

Add comments

2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය සියයට හැත්තෑවක් දක්වා වර්ධනය කිරීම සදහා අදාල ව්‍යාපෘති කඩිනම් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා   නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වසර හතක් වැනි කාලසීමාවක බලශක්ති ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පැවති සාකච්ඡාවකදීයි රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ. මෙරට පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය යටතේ මෙගාවොට් 550 කට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම හා පද්ධතියට එක් කිරීම සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටු නිර්දේශවලට පසුගියදා කැබිනට් අනුමැතිය ද හිමි වුණා. මහවැලි අධිකාරිය සතුව ඇති  හෙක්ටාර තිස්දහසක පමණ ජලාශ මතුපිට වපසරියෙන් සියයට විසිපහක ප්‍රතිශතයක සූර්යබලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත විදුලිබල අමාත්‍යාංශයට හා සූර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට ද මහවැලි අධිකාරිය කටයුතු කර තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවෙන් මෙගාවොට් තුන්දහසක් පමණ සූර්යබල විදුලියෙන් සපයා ගැනීම ඉලක්කයයි. විවිධ හේතු මත ප්‍රමාද වී ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් එම ඉලක්කයට ළගාවීමේ අවශ්‍යතාවද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

The post පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කරන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායකගෙන් නිලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG