ඉන්දියාවේ අකුණු සැර වැදීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ජායිපූර් නගරයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් හිටපු 11 දෙනෙකුත් මිය ගිය පිරිසට අයත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් හා රාජස්තාන් යන ප්‍රාන්ත වල ඊයේ රාත්‍රී කාලයේ ඇති වූ අකුණු සැර හේතුවෙනුයි මෙම පිරිස මියගොස් ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන් හා කාන්තාවන්ද ඇතුළත්. අකුණු සැර වැදීම හේතුවෙන් තවත් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මියගිය පුද්ගලයින්ගේ පවුල් වෙත තම ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කළා. මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව එහි සඳහන්. අධික වර්ෂාවත් සමඟ අකුණු සැර හටගත් බව කාලගුණ අංශ නිවේදනය කරනවා. මේ ආකාරයෙන් පසුගිය සෙනසුරාදා ද අකුණුසැර වැදීම හේතුවෙන් උත්තර්ප්‍රදේශ් හා රාජස්ථාන් යන ප්‍රාන්තවල පුද්ගලයින් විසිදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
The post අකුණු සැර වැදීම හේතුවෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 60ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment