කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියරත් ආරම්භ කර තිබෙනවා.කොළඹ කොටස් වෙළෙඳපොළ නව්‍යකරණයට යොමු කිරීමේ වැඩපිළිවෙළ යටතේ දෙවන අදියර විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ පළමු අදියර ආරම්භ කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීයි. අයෝජකයන්ගේ කොටස් ගනුදෙණු ක්ෂණිකව තහවුරු කිරීම , සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා. ඩිජිටල්කරණය සමඟ කොටස් වෙළෙඳපොළ තොරතුරු බාගත කිරීම වේගවත් වීම නිසා නව ආයෝජකයන් හැට පන් දහසකට වැඩි සංඛ්‍යාවක් ගිණුම් විවෘත කර තිබෙනවා. ඩිජිටල් කරණයත් සමඟ ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගණුදෙනු කිරීමට හැකිවීම විශේෂත්වයක්. මාසික ප්‍රකාශන ලබාගැනීම තොරතුරු හුවමාරුව සහ වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වල ගිණුම් විවෘත කිරීමටද මෙහිදී අවස්ථාව සැලසෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
The post කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණයේ දෙවන අදියර ඇරඹේ appeared first on ITN News.
Post a Comment