Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට ප්‍රභල ඩෙල්ටා වයිරස් අසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට  

Add comments

ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 61 දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබෙනවා. ඔවුන් කෝට්ටේ, කොලොන්නාව, අංගොඩ, නවගමුව, රත්මලාන, මහබාගේ, කටුණායක, මීගමුව හා බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එමෙන්ම ගාල්ල, මාතර, දඹුල්ල, වව්නියාව හා මුලතිව් යන ප්‍රදේශවලින් ද ආසාදිතයින් හදුනා ගැනුණා.

කොරෝනා එන්නත්කරණ වැඩසටහන ද තවදුරටත් සාර්ථකව සිදුවනවා. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ විසි පන්දහස් දෙසිය හතළිස් දෙදෙනෙකුට ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව හතළිස් අට ලක්ෂ හැත්තෑ නව දහස් දෙසිය දහ තුන් දෙනෙකුට ද ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ පනස් නව දහස් අසූ එක් දෙනෙකුට ලබා දී අවසන්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව එක්ලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් දෙනෙකුට ද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව හාරලක්ෂ හැට හය දහස් දෙසිය හතළිස් හත් දෙනෙකුට ද ලබා දී අවසන්.

වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට සැප්තැම්බර් 30 වනදාට පෙර කොරෝනා එන්නත් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ස්වෙච්ඡා සංවිධානයක් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අම්බලන්ගොඩ බටදූව කිතුල්ගහ, උඩුමුල්ල ප්‍රදේශයේ අනවසරයෙන් පැවැත්වූ සාදයක් වැටලීමට අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාකළා. වැටලීම සිදුකරන අවස්ථාවේ සියයකට අධික පිරිසක් එම ස්ථානයේ රැදී සිට තිබෙනවා.

The post මෙරට ප්‍රභල ඩෙල්ටා වයිරස් අසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG