කාබනික පොහොර වර්ග 9 ක් භාවිත කරමින් දේශීය වී වර්ග වගා කිරීමේ වැඩසටහනක් වවුනියාවේදී ආරම්භ වුණා.
ප්‍රදේශයේ අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් සැකසූ කාබනික පොහොර වර්ග 9 ක් යොදාගෙන මෙරටට ආවේණික ඉපැරණි වී වර්ග වගා කිරීම මෙසේ ආරම්භ වූයේ වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේදීයි.
ගොයම් පැළ සිටුවීම දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. අස්වැන්න පිළිබද අධ්‍යයනය කර ගොවීන් අතර මෙම වගාව ප්‍රචලිත කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
The post කාබනික පොහොර වර්ග 9ක් භාවිත කරමින් දේශීය වී වර්ග වගා කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment