මෙරට කොවිඩ් එන්නත් ලබාගෙන විදෙස්ගත වන ලාංකික පුරවැසියන්ට නවීන තාක්ෂණයට අනුකූලව සකස් කරන ලද ඩිජිටල් එන්නත් කාඩ්පතක් හදුන්වාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පියවර ගෙන ඇත.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබදව නිර්වද්‍යතාවය ලෝකයට පෙන්වීම සදහා මෙම නව තාක්ෂණික ක්‍රමවේදය පිටුවහලක් වනු ඇත.
මුල් පියවර වශයෙන් මෙම ඩිජිටල් එන්නත් කාඩ්පත ඔලිම්පික් තරඟ සදහා විදෙස්ගතවන මෙරට ක්‍රිඩක ක්‍රීඩිකාවන් ඇතුලු පිරිස වෙත ලබාදීමට නියමිතය.
ඩිජිටල් එන්නත් කාඩ්පත සංකේතාත්මකව හදුන්වාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටත් , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සභාපති ලලිත් ගමගේ මහතා ඇතුලු කන්ඩායමට ස්තූතිවන්ත විය යුතුය.
The post විදෙස්ගත වන ලාංකිකයන්ට ඩිජිටල් එන්නත් කාඩ්පතක් appeared first on ITN News.
Post a Comment