Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය  

Add comments

චීනයට සම්බාධක පැනවීම කෙරෙහි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.

චීනයේ ෂි ජියැං ප්‍රාන්තයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විදේශ සබදතා කමිටුව පෙන්වා දෙනවා.  පක්ෂ විපක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත එරට පාර්ලිමේන්තුවේ විදේශ සබදතා කමිටුව චීනය සම්බන්ධයෙන් වූ මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. චීනයෙන් කපු ආනයන අත්හිටුවීමටත් 2022 වසරේදී බීජිං හි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක සහ සමාප්ති උළෙල වර්ජනය කිරීමටත් මෙම කමිටුව යෝජනා කර තිබෙනවා.

අදාළ කරුණු ඉදිරියේදී සැළකිල්ලට ගනිමින් කටයුතු කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වැඩිදුරටත් පවසනවා.

 

 

The post චීනයට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG