Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කියුබාවේ නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ නියාමන අධිකාරියේ අවසර  

Add comments

කියුබාවේ නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ නියාමන අධිකාරියේ අවසර හිමිව තිබෙනවා.

කොවිඩ් රෝගීන් ඉහළ යාමේ අවදානමකට මුහුණ පා සිටින කියුබාව තම ජනතාවට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ සදහා දේශීයව නිපදවූ එන්නත් දෙකක් භාවිත කරන බවයි පැවසෙන්නේ. ඉන් එක් එන්නතක් වන අබ්දලා කොවිඩ් එන්නතට හදිසි භාවිතය සදහා අනුමැතිය ලබා දීමට කියුබා ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ති‌බෙනවා.

මෙම එන්නත සියය‌ට 92 කට වඩා ඵලදායි එන්නතක් බවයි එම එන්නත් නිෂ්පාදන ආයතනය නිවේදනය කරන්නේ. ඉදිරියේදී මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වසර තුළ තම රටේ වැසියන්ට එන්නත් ලබා දීම අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි කියුබාව පවසන්නේ.

තම රටට අවශ්‍ය සියලුම එන්නත්වලින් සියයට 80 ක ප්‍රමාණයක් ඔවුන් දේශීයව නිපදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post කියුබාවේ නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ නියාමන අධිකාරියේ අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG