ඔන්ලයින් ක්‍රමයට මහා පරිමාණයෙන් මත්පැන් බෙදාහැරීම සිදුකළ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලීසිය සමත්වුණා.
අත්තනගලු ඔය ආශ්‍රිතව පවත්වා ගෙන ගොස් තිබූ මෙම මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය වටලනු ලැබුවේ නිට්ටඹුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි. බැරල් 18 ක ගෝඩා මිලිලිටර් ලක්ෂ 35 ක් පමණ තිබූ අතර උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැණුනා.
සැකකරුවන් තිදෙනෙකු මෙම ස්ථානයේ සිට පලා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
The post නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි appeared first on ITN News.
Post a Comment