Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉල්ලීම් ඉල්ලමින් හෙද වෘත්තීය සමිති වර්ජනයක – රෝගීන් අසීරුතාවල  

Add comments

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටිනවා.

විශේෂිත සහ කොවිඩ් ප්‍රතිකාර රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවයි හෙද වෘත්තීය සමිති සදහන් කළේ.

හෙද උසස්වීම් සහ හෙද ව්‍යවස්ථාව සංශෝධනය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන සිටිනවා. මාතෘ,  ළමා සහ පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සහ කොවිඩ් ප්‍රතිකාර රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොකල ද තම ගැටලුවලට විසදුම් නොලැබුණ හොත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව හෙද වෘත්තීය සමිති පවසනවා. ප්‍රතිකාර ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටියා.

කොවිඩ් වසංගතය වැනි ව්‍යසන අවස්ථාවකට රට මුහුණ දී සිටින අවස්ථාවේ මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම අසාධාරණ බවයි ජනතාව පවසන්නේ.

මේ අතර දික්ඔය මූලික රෝහලේ වැඩවර්ජනය ක්‍රියාත්මකවීම හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව සිටියා. එහෙත් එම රෝහලේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලයේ සේවය ද සමග සියලු සේවාවන් සිදුකිරීම තුළ කිසිදු ගැටලුවකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යන බවයි රෝහල් අධ්‍යක්ෂ වරයා සදහන් කළේ.

කෙසේ වෙතත් රෝහල් කීපයකම හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටියා.

 

The post ඉල්ලීම් ඉල්ලමින් හෙද වෘත්තීය සමිති වර්ජනයක – රෝගීන් අසීරුතාවල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG