දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන යටතේ පොල් පැල සිටුවීමේ වැඩසටහන් දිවයිනේ ප්‍රදේශ රැසකදී පැවැත්වුණා.
මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පොල් පැල ලක්ෂ හතලිහක් සිටුවීමට නියමිතයි. කොට්ටාව හතරමං හන්දිය ඩබ්ලිව් එස් පෙරේරා ප්‍රජා ශාලා භූමියේ පොල් පැල සිටුවීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මාලපල්ල පාර නුගගහලන්ද ස්ථානයේ දී ද පොල් පැල 500 ක් බෙදා දීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියා.
කෑගල්ල නගර සභා ශාලාව අසලදී ද පොල් පැල බෙදාදීමේ වැඩසටහනක් සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post පොල් පැල සිටුවීමේ වැඩසටහන් දිවයිනේ ප්‍රදේශ රැසකදී appeared first on ITN News.
Post a Comment