Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සද හිරු සෑ කෞතුකාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි  

Add comments

සද හිරු සෑ කෞතුකාගාරයේ ඉදිකිරීම් ආරම්භ වුණා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන්.

අනුරාධපුර සදහිරුසෑයට යාබදවයි මෙම කෞතුකාගාරය ඉදිවන්නේ. ඉතිහාසය ප්‍රෞඩත්වය හා කලාත්මක සුන්දරත්වය පිළිබිඹුවන අයුරින් සද හිරු සෑ කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගැනීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

දැනට සීඝ්‍ර යෙන් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින සද  හිරු සෑ ස්ථුපය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේයි ආරක්ෂක ලේකම්වරයා කෞතුකාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වුණේ.  යෝජිත කෞතුකාගාරයේ සැලැස්ම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා. උසස් හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post සද හිරු සෑ කෞතුකාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG