Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකා ක්‍රිකට් නියඟයට පොද වැස්සක්  

Add comments

පරාජයේ නියගය නිමා කරමින් ජයපැන් බොන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ අවස්ථාව උදාවුණා. ඒ සංචාරක ඉන්දිය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ජය ගැනීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් පළමු පන්දුවාර 23 තුල කඩුළු 3 ක් දැවී ලකුණු 147ක් රැස්කර ගැනීමට සමත්වුණා. ඉන්පසු ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් පන්දුවාර 47කට සීමාවුණා. වර්ෂාවෙන් පසු පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාව නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය ඉනිම ලකුණු 225කට සීමා කිරීමට සමත්වුණා. ඉන්දීය පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ ලකුණු 49ක් රැස්කල ප්‍රිත්වි ෂෝයි. පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම හා අකිල ධනංජය කඩුළු 3 බැගින් බිද හෙළුවා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සදහා ලකුණු 227ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 39ක් අවසානයේදී කඩුළු 7 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් ලබා ගත් අතර භානුක රාජපක්ෂ ලකුණු 65ක් රැස් කළා.

 

 

The post ශ්‍රී ලංකා ක්‍රිකට් නියඟයට පොද වැස්සක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG