මෙරට අධිතාක්ෂණික කේබල්මත නිර්මාණය වන පළමු වෙනි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගග හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර එම පාලම් යා කිරීම අද සිදු කෙරුණා.
කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ නගරය හා කටුනායක ගුවන්තෙටුපොල එකිනෙක සම්බන්ධ වීම හේතුවෙන් කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් දක්නට ලැබුණා. එවැනි අධික වාහන සංඛ්‍යාවක් සදහා වත්මන් කැළණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව කැළණි පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය වුණා. 2014 වසරේ එහි මූලික සැලසුම් සකස්කොට ගිවිසුම් අත්සන් කිරීම සිදුවුණේ එවකට ජනාධිපතිධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන්. පැරණි කැළණි පාලමට යාබදව මන්තීරු 6කින් සමන්විතව නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වුණා.
කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් ඇරඹෙන මෙම පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් හා වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වනවා. කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතිරු හයක් වන මෙම පාලම ඔරුගොඩවත්ත, ඉගුරුකඩේ හන්දිය, වරාය පිවිසුම් මාර්ගය දක්වා මංතීරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
දිගින් මීටර් 380ක් වූ මෙහි පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31539ක් වැය කර තිබෙනවා.
දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 9896ක්.
මෙම පාලම් කොටස යා කිරීම සිදුවුණේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
The post කේබල්මත මත දිවෙන පෑලියගොඩ නව කැළණි පාලම යා කෙරේ appeared first on ITN News.
Post a Comment