ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ ආරම්භ වුණා. මංගල පෙරහැර නැරඹීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
කතරගම ඇසළ මංගල්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස පෙරහැර පැවැත්වෙනවා. ඒ සම්ප්‍රදායන් සහ චාරිත්‍රවලට මුල්තැන දෙමින්. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නිසා මෙවර ඇසළ පෙරහැර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයකින් තොරව පැවැත්වෙනවා.
මංගල පෙරහැර අවස්ථාවට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කොබවක ධම්මින්ද, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩමකර සිටියා. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මංගල පෙරහැර නැරඹීම සදහා එක්වුණා.
The post කතරගම ඇසළ පෙරහැර නැරඹීමට අගමැති එක් වෙයි appeared first on ITN News.
Post a Comment