ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 1,548 දෙනෙකු හඳුනා ගැණුනා. ඒ අතුරින් 33 දෙනෙකුම විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැණුනා. එම සංඛ්‍යාව 336 ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 242 නෙකු , කළුතර දිස්ත්‍රික්කයෙන් 180 දෙනෙකු ,රත්නපුර දිස්ත්‍රික්කයෙන් 118 දෙනෙකු වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 273,031ක්. රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල පුද්ගලයින් 26,758 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 242,839ක්.
මේ අතර ඊයේ දිනයේ දී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,917 ක්. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 5,463 ක් ඊයේ දිනයේ පමණක් සිදුකර තිබෙනවා.
The post ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment