ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 1,666 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙනවා. ඉන් දස දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයේ දිනයේදීත් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 360 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 256 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 139 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 296,516 ක්. 24,860 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 267,602 ක්.
The post ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment