අදින් ඇරඹෙන සතිය කාබනික නිෂ්පාදන සතිය ලෙස නම්කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙහි සමාරම්භක උත්සවය රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
කාබනික පොහොර ප්‍රවර්ධන සතියේ සමාරම්භක උත්සවය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ගොවි මහතුන් දැනුවත් කිරීම මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයට අදාළ අත් පොතක් හදුන්වාදීම ද මෙහිදී සිදුකෙරුණා. වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය ඔස්සේ කාබනික වගා ප්‍රවර්ධන සතියට සුබපැතුම් එක්කළා. මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා කියාසිටියේ අවසන් කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ ත්‍රස්තවාදය අවසන්කළ නායකයෙකුට කාබනික පොහොර අභියෝගය ද ජයගත හැකි බවයි.
මේ අතර හොරණ, කනන්විල ගොවිජන සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන කාබනික පොහොර ව්‍යවසායකයින් පුහුණු වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මකයි. හොරණ තලගල උතුර සහ නැගෙනහිර වසම්වල ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන තලගල දී පැවැත්වුණා. කාබනික මෙන්ම දියර පොහොර නිෂ්පාදනය පිළිබද ප්‍රායෝගික වැඩසටහන් ද මෙහිදී පැවැත්වුණා.
කාබනික පොහොර යොදාගනිමින් අතුරු බෝග සහ එළවළු වගා කිරීමට මඩකලපුව ගොවි ජනතාව දැඩි උනන්දුවකින් ක්‍රියා කරනවා. ඒ අනුව මන්මුනෙයිපත්තු, තාලන්කුඩා ප්‍ර දේශයේ වැඩි වශයෙන් එම වගාවන් සිදුකරන ආකාරය දැකගත හැකියි.
The post අද සිට සතියක්ම කාබනික නිෂ්පාදන සතියක් වේ appeared first on ITN News.
Post a Comment