Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට  

Add comments

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කළා.

අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ දෙවන දිනටත් අද කැදවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිර්මල විග්නේෂ්වරන් මහතා මෙම ලේඛනය ඉදිරිපත් කළා.

පෙත්සම් ඊයේ දිනයේ විභාගය සදහා කැදවූ අවස්ථාවේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 7 ක් සංශෝධනයට ලක්කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රකාශ කළා.

මුදල් සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශ්ව 8 ක් පෙත්සම් ඉදිරිපත්කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG