Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තංගල්ල නගර සභාවේ නව සභාපති අගමැති ඉදිරියේ දිවුරුම් දෙයි  

Add comments

තංගල්ල නගර සභාවේ නව සභාපති ඩබ්ලිව්. පී. ආරියදාස මහතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී අද (29) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දුන්නේය.

සාගර විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික උපදේශකවරයෙකු වූ ආරියදාස මහතා වසර තුනකට වැඩි කාලයක් නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රවිදු වෙදආරච්චි මහතාව එම පක්ෂය විසින් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ සභාපතිධූරයට ඩබ්ලිව්. පී. ආරියදාස මහතා තේරී පත්වූයේ රහස් ඡන්දයකිනි.

මෙම අවස්ථාවට ආයෝජන හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු තංගල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

The post තංගල්ල නගර සභාවේ නව සභාපති අගමැති ඉදිරියේ දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG