විශ්වවිද්‍යාලවල පවතින නිදහස ඇතැම් දේශපාලනඥයින් තමන්ගේ පක්ෂ පෝෂණය කිරීම සඳහා අවභාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුලදී එලෙස සිසුන් තමන්ගේ දේශපාලන කටයුතු සදහා යොදා ගැනීමට නොහැකි වන නිසා ඇතැම් දේශපාලනඥයින් මෙම විශ්වවිද්‍යාලයට එරෙහිව මත පළ කරන බවයි ස්වාධීන රූපවාහිනී තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.
පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ විපක්ෂය බලයේ සිටියා නම් ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ කුමක්දැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.
The post විශ්වවිද්‍යාලවල පවතින නිදහස ඇතැම් පක්ෂ පෝෂණය කිරීම සඳහා අවභාවිත කරනවා appeared first on ITN News.
Post a Comment