පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ සිදුකරන මෛත්‍රී භාවනා වැඩසටහන් වෙනුවෙන් ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ ඓතිහාසික දේවස්ථානයක් පූජාකර තිබෙනවා.
ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඉපැරණි රමණීය පරිසරයකින් සමන්විත ෆාදර් ජෝන් දේවස්ථානයයි මෙලෙස පූජාකර ඇත්තේ. ඇමෙරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරය මෙන්ම ලොස් ඇන්ජලීස්හි ලංකාරාමය යන උභය විහාරස්ථානවල විහාරාධිපති ධුරය දරන්නේ පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේගේ ශාසනික සේවාව පිළිබද ඇමෙරිකාවේ ජීවත්වන විවිධ ජාතීන් අතර පැහැදීමක් ඇතිව තිබීම මෙම පූජා කටයුතු සිදුකිරීමට හේතුව බවයි වාර්තා වන්නේ. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉදිරියටත් ගෙනයාම වෙනුවෙන් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බව දේවානන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
The post තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන් වෙනුවෙන් ඇමෙරිකාවේ දේවස්ථානයක් පූජා කෙරේ appeared first on ITN News.
Post a Comment