මෙම වසර අවසානය වනවිට තම හමුදා සෙබලුන් ඉරාකයෙන් ඉවත්කර ගන්නා බව ඇමෙරිකාව නිවේදනය කරනවා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාපා අල් කඩීමි හමුවූ අවස්ථාවේදීයි මේ බව පවසා ඇත්තේ. එහෙත් ඉරාක හමුදාවට අවශ්‍ය පුහුණුවීම් හා උපදෙස් ලබාදීමට තම රට සූදානම් බව එහිදී ඔහු තවදුරටත් සදහන්කර තිබෙනවා. මේ වනවිට ඉරාකයේ ඇමෙරිකා හමුදා සෙබලුන් 2,500 ක් පමණ මෙහෙයුම් කටයුතුවල යෙදී සිටිනවා. අයිඑස් ත්‍රස්ත ක්‍රියා මැඩලීම සදහා ඉරාක හමුදාව සමග එක්ව මෙහෙයුම් සිදුකිරීම ඔවුන්ට පැවරී ඇති රාජකාරියයි.
The post වසර අවසානය වනවිට හමුදා සෙබලුන් ඉරාකයෙන් ඉවත්කර ගන්නා බව ඇමෙරිකාව කියයි appeared first on ITN News.
Post a Comment