එන්නත්කරණයත් සමඟ රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතාව ඉදිරියේ තැබූ වැඩපිළිවෙළ, කොවිඩ් වසංගතය බාධාවක් කර නොගෙන ජනාධිපතිතුමා රට තුළ ක්‍රියාත්මක කර තිබේ. එය ඉවහල් කරගනිමින් ආර්ථිකය නඟාසිටුවීමේ වේගවත් වැඩපිළිවෙළකට තමන්ට දායක විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
ලංකා වාණිජ මණ්ඩලයට අලුතින් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා සමඟ පැවති හමුවේ දී මේ බව සඳහන් කළහ.
1839 වසරේ දී ආරම්භ කර ඇති ලංකා වාණිජ මණ්ඩලයේ වර්තමාන සාමාජික සමාගම් සංඛ්‍යාව 560කි. දිවයිනේ සියලු පළාත් ආවරණය කෙරෙන පරිදි කලාපීය වාණිජ මණ්ඩල සමූහය ව්‍යාප්ත ව ඇත. ලොව සෙසු රටවලට සාපේක්ෂව එන්නත්කරණය මගින් රට වේගයෙන් යථා තත්ත්වයට රැගෙන ඒමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ නව නිලධාරී මණ්ඩලය පැසසුමට ලක් කළහ. මාර්ග පද්ධතිය ප්‍රමුඛව යටිතලපහසුකම් වේගවත්ව සංවර්ධනයට ලක් කර තිබේ. එහි ප්‍රතිලාභ ඉදිරි කෙටි කාලය තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.
බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ, අපනයන අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ. පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙළ, වාණිජ මණ්ඩලයේ ජාතික ප්‍රතිපත්ති කමිටුවල විශේෂ සැලකිල්ලට ගෙන ඇති බව ද නිලධාරීන් විසින් සඳහන් කරනු ලැබිණ.
ක්‍රියාත්මක ඇතැම් නීති – රීති හේතුවෙන් ආයෝජකයෝ අධෛර්යමත්ව සිටිති. එවැනි බාධක ඉවත් කිරීමටත් ඩිජිටල්කරණය මගින් අක්‍රමිකතා සහ දූෂණ වළක්වාලමින් අපනයනය දිරිගැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිතුමා පැවසීය.
රජයේ වගකීම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම බවත්, තරුණ පරපුර නව ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් ලෙස ඉදිරියට ඒමට අවස්ථාව උදාකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා ඇතුළු නිලධාරීහු, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති හාන්ස් විජේසූරිය, නව සභාපති වී. ගොවින්දසාමි යන මහත්වරු සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.
The post අපනයනයටත් සංචාරක ප්‍රවර්ධනයටත් අපි සූදානම් – වාණිජ මණ්ඩලය ජනපතිට කියයි appeared first on ITN News.
Post a Comment