කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට පනවා ඇති නීතිවලට විරෝධය දක්වමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා පැවැත්වෙනවා.
වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති නව නීති වලට මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙලට විරෝධය දැක්වීම මෙහිදී සිදුවුණා. විරෝධතාවයේ දී උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් ද හටගත් බවයි වාර්තා වන්නේ. පිරිස පාලනය කිරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කිරීමට ප්‍රංශ පොලීසිය පියවර ගත්තා. විරෝධතා පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට උද්ඝෝෂකයින් පහරදී ඇති බව සඳහන්.
The post කොරෝනා නීතිවලට එරෙහිව පැරිස් නුවර විරෝධතා appeared first on ITN News.
Post a Comment