දියේ ගිලීම් වැළැක්වීම පිළිබද දිනය අදට යෙදී තිබෙනවා. කිසිම කෙනෙකු දියේ ගිලීමකට ලක් විය යුතු නැත යන්න මෙවර තේමාවයි.
සෑම වසරකම දියේ ගිලීමෙන් ලොව පුරා මරණ දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් සිදුවනවා. මේ අතුරෙන් වැඩිම පිරිසක් අයත් වන්නේ දකුණු ආසියා රටවලටයි. එමෙන්ම දියේ ගිලෙන වැඩිම පිරිස වයස අවුරුදු 4ට අඩු අයයි. ශ්‍රි ලංකාවේද සෑම වසරකම 800 දෙනෙකු පමණ දියේ ගිලීමෙන් මිය යනවා.
මෙම අනතුරට ලක්වන වැඩි පිරිස වයස අවුරුදු 21ත් 60ත් අතර කාණ්ඩයට ඇතුළත්. මෙරට ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි මෙවැනි පිරිසක් මිය යාම අංශ කිහිපයකින් සිදුවන බලවත් පාඩුවක්. පසුගිය දිනවලදී ද දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මිය යාමේ සිදුවීම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා.
එම බොහෝ ස්ථානවලදී දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ නොසැලකිලිමත්කමයි. එබැවින් අදට යෙදී ඇති දියේ ගිලීම් වැළැක්වීම පිළිබද දිනයේදී මේ පිළිබද බොහෝ දෙනා සිතට ගත යුතු වනවා.
The post දියේ ගිලීම් වැළැක්වීම පිළිබඳ දිනය අදයි appeared first on ITN News.
Post a Comment