රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරයේ නිරත වන පිරිසට කොරෝනා මර්දන එන්නත් ලබා දීම සාර්ථකව සිදු කෙරුණා.
කොරෝනා අවදානම දැඩිව පවතින රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම පතල්කරුවන් සදහා එන්නත්කරණ වැඩසටහන බෝධිරාජාරාම විහාරස්ථානයේදී සිදුකෙරුණා. මැණික් ගල් ආදිය එකිනෙකා ස්පර්ශ කිරීම හේතුවෙන් මැණික් කර්මාන්තයෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ වැඩි අවදාමක් ද පවතිනවා.
මෙම තත්ත්වය පිළිබද සැළකිලිමත්වීමෙන් එන්නත්කරණය සිදුවුණා. 2500 ක පමණ පිරිසක් වැඩසටහනට එක්ව සිටියා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සදහා කොරෝනා මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සිදු කෙරුණා. හිගුරක්ගොඩ අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධාන කළ මෙම වැඩසටහනට ගුරුවරුන් 1200 දෙනෙකු පමණ සහභාගී වී සිටියා.
The post මැණික් ව්‍යාපාරයේ නිරත පිරිසටත් කොරෝනා එන්නත appeared first on ITN News.
Post a Comment