ග්‍රාමීය මාර්ග සංවර්ධනය තවදුරටත් වේගවත් කර තිබෙනවා.
කිරිබත්ගොඩ, හුනුපිටිය,අලුත්පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම මාර්ගය සංවර්ධනය කර ඇත්තේ වසර 15 කට පමණ පසුවයි. ඒ සදහා රුපියල් මිලියන 60 ක් වැය කෙරෙනවා. මාර්ගය කිලෝමීටර් 5 ක් සංවර්ධනය කිරීමට නියමිතයි.
මේ අතර හාරස්පත්තුව මැතිවරණ කොට්ඨාසයට අයත් මහනුවර මාතලේ මාර්ගයේ සිට ඇස්සැද්දුම දක්වා දිවෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතිනවා. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 250ක් වනවා. කිලෝමීටර් 1.6ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.
The post ග්‍රාමීය මාර්ග සංවර්ධනය තවදුරටත් වේගවත් කෙරේ appeared first on ITN News.
Post a Comment