ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ නීති එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඒකාබද්ධ කළ යුතු බවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනාවක් ස්ථිර කරගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා. පළාත් පාලන,පළාත් සභා සහා සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී කාන්තා නියෝජනය නිශ්චිත අගයක පවත්වාගෙන යාමට යෝජනා කිරීමටද මන්ත්‍රීවරියන්ගේ එකගතාව පල වුණා.
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට අදාලව පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මෙම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු සහ පළාත් සභා හා පලාත් පාලන ඡන්ද විමසීම්වලදී කාන්තාවන්ට අවම වශයෙන් සියයට තිහක නාම යෝජනා ලබාදීමට මෙහීදි යෝජනා කර තිබෙනවා. සියලු පක්ෂවල ජාතික ලැයිස්තු සභාවට සියයට පනහක කාන්තා නියෝජනයක් සහතික කළ යුතු බවයි මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර ඇත්තේ.
The post සියලුම මැතිවරණ නීති එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඒකාබද්ධ කළ යුතු බවට යෝජනාවක් ස්ථිර කෙරේ appeared first on ITN News.
Post a Comment