Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මරණ පරීක්ෂක ගැන සැකයක් මතු කරමින් රිෂාඩ්ගේ ගෙදර මියගිය දැරියගේ දෙමව්පියන් මානව හිමිකම ඉදිරියට  

Add comments

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය දැරියගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බදියුදීන්ගේ බිරිද ඇතුළු සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයේ නිරතව සිටියදී 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිද ෂියාබ්දීන් අයේෂා, මාමණ්ඩිය මොහොමඩ් ෂියාබ්දීන් සහ දැරිය නිවසට රැගෙන ආ තැරැව්කරු පොන්නයියා පණ්ඩාරම් පොලීසිය අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ බිරිදගේ සහෝදරයෙකු ද මෙම නිවසේ සිදුවූ තවත් ස්ත්‍රී දුෂණයකට අදාළව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රාජීන්ද්‍ර ජයසූරිය මහත්මිය ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ පැමිණිල්ල අද පස්වරු 1.30 ට කැදවන ලෙසයි. මොවුන් පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මීට පෙර පොලීසියට අවසර ලබාදුන්නා. ඒ අනුව ප්‍රශ්න කිරීම් සිදුකෙරුණු අතර සැකකරුවන් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ හා නැවත ප්‍රකාශ 36 ක් පමණ ලබාගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු විද්‍යාත්මක පර්යේෂණීය සහ තාක්ෂණික සාක්ෂි ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සදහන් කරන්නේ. දැරිය සිටි නිවසේ කාමරයේ තිබී හමුවූ දැවී පිළිස්සී ගිය කොටස් රජයේ රස පරීක්ෂක වෙත භාරදී තිබෙනවා.

විද්‍යාත්මක හා තාක්ෂණික සහාය ලබාගෙන සියලු පරීක්ෂණ සිදුකෙරෙන අතර අපරාධයට එරෙහි සියලු විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කර ගැනීම අරමුණ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. දැරිය මෙම නිවසට රැගෙන ආ තැරැව්කරුගේ බැංකු ගිණුම් වාර්තා ලබාදෙන ලෙස ද අධිකරණය නියෝගකර තිබුණා. ඒ අනුව තැරැව්කරු ආගරපතන ප්‍රදේශයේ බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට අදාළ තොරතුරු පොලීසියට ලැබී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම තැරැව්කරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ද පොලීසියට ලැබී තිබෙනවා.

 

 

The post මරණ පරීක්ෂක ගැන සැකයක් මතු කරමින් රිෂාඩ්ගේ ගෙදර මියගිය දැරියගේ දෙමව්පියන් මානව හිමිකම ඉදිරියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG